ජපාන රජය චීනයෙන් හදිසියේම ඉල්ලපු දේ මෙන්න

චීනය විසින් රඳවාගෙන සිටින ජපාන ඖෂධ නිෂ්පාදන සමාගමක සේවකයෙකු නිදහස් කරන ලෙස, ජපාන විදේශ අමාත්‍ය යොශිමසා හයාෂි මහතා අද (02) චීනයේ බීජිං නුවරදී එරට විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ආසියානු බලවතුන් වන චීනය සහ ජපානය අතර කලාපීයව මතභේදාත්මක තත්ත්වයක් තත්වයන් උත්සන්න වීමෙන් පසු වසර 3 කට පසුව ජපාන විදේශ අමාත්‍යවරයෙකු චීනයේ සංචාරයක නිරත වීම විශේෂත්වයක් වේ.
ඔත්තු බැලීමේ චෝදනා මත ජපාන ඖෂධ සමාගමක් වන ඇස්ටෙලාස් ෆාමා හි සේවකයෙකු චීනය විසින් පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රඳවා ගත් අතර, ගතවූ වසර 8 තුල චීනය විසින් ජපාන ජාතිකයන් 16 දෙනෙකු පමණ රඳවාගෙන සිටින බවට ජපාන මාධ්‍ය වාර්තා කර සිටී.
181 Views
Comments