ශාන්ත පීටර්බර්ග් හි බෝම්බයක් තබා රුසියානු මිලිටරි බ්ලොග් රචකයෙක් ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

ශාන්ත පීටර්බර්ග් හි බෝම්බයක් තබා රුසියානු මිලිටරි බ්ලොග් රචකයෙක් ඝාතනය කරයි

ශාන්ත පීටර්බර්ග් හි බෝම්බයක් තබා රුසියානු මිලිටරි බ්ලොග් රචකයෙක් ඝාතනය කරයි

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි ආපනශාලාවක සිදුවූ පිපිරීමකින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා සහායකයෙකු ලෙස කටයුතු කළ බ්ලොගර් සේවා සපයන්නෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මෙම පිපිරීමෙන් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

 

මැක්සිම් ෆෝමින් හෙවත් ව්ලැඩ්ලන්ටා ටාර්ස්කි නම් මෙම පුද්ගලයා යුක්‍රේන ආක්‍රමණයේ දී රුසියානු ජනාධිපතිවරයාට සහය පළ කරමින් අන්තර්ජාල බ්ලොග් අඩවියක් මගින් දැඩි ප්‍රචාරයක් ගෙන යාමට කටයුතු කර තිබූ බව සඳහන් වේ.

 

ඔහු ඉලක්ක කරගෙන මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවට රුසියානු ආරක්ෂක අංශ සැක පළ කර සිටින අතර, මැක්සිම් ෆෝමින් වෙත ලබාදීම සඳහා කාන්තාවක් විසින් රැගෙන ආ තෑගි පාර්සලයක වූ ප්‍රතිමාවක් තුළ මෙම බෝම්බය සඟවා තිබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

views

189 Views

Comments

arrow-up