ඊශ්‍රායලයේ අරගලය තවත් දරුණු වෙයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් සිය අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට අභියෝග කිරීම හේතුවෙන් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා වන Yoav Gallant ධුරයෙන් පහ කිරීමට කටයුතු කොට ඇති බවත්, ඒ සමග කෝපයට පත් දස දහස් ගණනක ජනතාව ඊශ්‍රායලය පුරා වීථි බැස විරෝධතාවල නිරත වන බවත් සඳහන්වෙයි.
අග්‍රමාත්‍යවරයා ගේ නිවස අසලට රැස් වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගේ නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැලසුම් වලට එරෙහිව එරට පවතින විරෝධතා ද අඛණ්ඩව ක්‍රියාත්මක අතර, මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල විය හැකි බව විරෝධතාකරුවන් පවසා සිටී.
194 Views
Comments