කොවිඩ් හැදුණු තරුණ අයට වෙන දේ මෙන්න

ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යයන කණ්ඩායමක් විසින් මෑතක දී සිදුකළ සමීක්ෂණයකින් හෙළි කොටගෙන ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ මොළය ආශ්රිත සංකූලතා හේතුවෙන් ජපානයේ තරුණ ජනගහනයෙන් 10% කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
2020 ජනවාරි මාසයේ සිට 2022 මැයි දක්වා කාලය තුළ සිදුකළ මෙම සමීක්ෂණයේදී, වයස අවුරුදු 18 ට අඩු කොවිඩ් ආසාදනය වූ දරුවන් 34 දෙනෙකු එන්සෙෆලොපති හෙවත් මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවට ද අනාවරණය කොට ගෙන තිබෙන බව වාර්තා වේ.
204 Views
Comments