APR
03
පැපුවා නිව්ගිනියාවේ යළිත් භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
වෙවාක් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 97 ක් දුරින්, පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 62 ක් ගැඹුරු ප්‍රදේශයක් මෙම භූ චලනයේ අපකේන්ද්‍රය වී තිබේ.
මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නියෝගයක් නිකුත් කර නොමැති බව වාර්තා වන අතර, ඉන් කිසිදු හානියක් ද වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
223 Views
Comments