ඊශ්‍රායලයේ වීදි පුරා යළිත් විරෝධතා

බෙන්ජමින් නෙතන්යාහු රජය විසින් හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ඊශ්‍රායලයේ හටගත් දැවැන්ත විරෝධතා රැල්ල පසුගියදා නිමාවූයේ මසක කාලයක් සඳහා එම සංශෝධන හකුළා ගැනීමට රජය එකඟවීම හේතුවෙනි.
එහෙත්, එහෙත් ඊශ්‍රායල වැසියන් ඉලක්ක කරගත් පලස්තීන ප්‍රහාර මාලාව හේතුවෙන් එම උද්ඝෝෂණ අලුත් වටයකින් පණගැන්වී තිබෙන බව වාර්තා වන අතර, පලස්තීන ප්‍රහාරයක අවදානම මධ්‍යයේ පවා, දහස් සංඛ්‍යාත ඊශ්‍රායල ජනතාව ඊයේ ටෙල් අවීව් අගනගරයට රොක් වී දැවැන්ත විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
202 Views
Comments