චාල්ස් රජුගේ රාජාභිෂේකයට බ්‍රිතාන්‍යයම සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

චාල්ස් රජුගේ රාජාභිෂේකයට බ්‍රිතාන්‍යයම සැරසෙයි

චාල්ස් රජුගේ රාජාභිෂේකයට බ්‍රිතාන්‍යයම සැරසෙයි

තුන්වන චාල්ස් රජු ගේ රාජාභිෂේකයේ ආචාර පෙළපාලිය සඳහා හමුදා සාමාජිකයින් 5,000 කට අධික පිරිසක් සහභාගී කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ඊට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක ආරක්ෂක අංශ නිලධාරීන් ද එක් කර ගැනීමට නියමිත බව සඳහන් වේ.

 

මෙම රාජකීය උත්සවය ලබන මස 6 වන දා ලන්ඩන් වෙස්මිනිස්ටර් දේවස්ථානයේ සිදුකිරීමට නියමිතව තිබෙන අතර ඒ වෙනුවෙන් යානා 60 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි කරගනිමින් පැවැත්වෙන ගුවන් සංදර්ශණයක් මෙන්ම කාලතුවක්කු වෙඩි මුර ආචාරයක් ද ඇතුළත් බව සඳහන් වේ.
 

views

231 Views

Comments

arrow-up