JUL
25
ආහාර අර්බුදයට තම රට හේතු නොවූ බව රුසියාව කියයි

ගෝලීය ආහාර අර්බුදයට රුසියාව හේතු වූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොව් ප්‍රකාශ කර සිටිනවා.
සම්බාධක හේතුවෙන් ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට සිදුවී ඇති බලපෑම පිළිබඳ සත්‍ය, බටහිර රටවල් විසින් විකෘති කර ඇති බවයි ඔහු ඊජිප්තුවේ කයිරෝ අගනුවර දී අරාබි රටවල තානාපතිවරු අමතමිනින් කියා සිටියේ.
බටහිර රටවල් තම ආධිපත්‍ය අනෙකුත් රටවල ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බව ද එතුමා එහිදී චෝදනා කර තිබෙනවා.
282 Views
Comments