ඩොලර් ලක්ෂ 8ක් වංචා කළ ඇමරිකාවේ ලාංකික වෛද්‍යවරයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

ඩොලර් ලක්ෂ 8ක් වංචා කළ ඇමරිකාවේ ලාංකික වෛද්‍යවරයාට වැඩ වරදී

ඩොලර් ලක්ෂ 8ක් වංචා කළ ඇමරිකාවේ ලාංකික වෛද්‍යවරයාට වැඩ වරදී

ඩොලර් 840,000 ක් වංචා කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකුට ඇමරිකාවේ ස්ටැපෝට් අධිකරණය මගින් වසර 4 ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

රෝගීන්ට නොමිලේ වෛද්‍ය සේවා සපයන බව ඇමෙරිකානු රජයට පවසා එරට රාජ්‍ය අරමුදලක් මගින් මෙම මුදල වංචා කර ඇති අතර රෝගීන් ගෙන් ද ඩොලර් මිලියනයකට අධික මුදලක් අයකර ඇති බව වාර්තා වේ.

 

පසුගියදා ස්ටැපෝට් අධිකරණයට කැඳවූ අවස්ථාවේ ඔහු වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව වසර හතරක සිර දඬුවම් නියම කළ ඇමරිකානු අධිකරණය මෙම වෛද්‍යවරයාට ඩොලර් මිලියන 1.6 ක දඩයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

 

views

331 Views

Comments

arrow-up