බැංකොක් නගරවාසීන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

දැඩි උණුසුම හේතුවෙන් බැංකොක් අගනුවර ඇතුළු විශාල ප්‍රදේශයක ජනතාවට එළිමහනට යෑමෙන් වළකින ලෙස තායිලන්ත බලධාරීන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටින්නේ බැංකොක් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් ඇති අතර විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි.
ඒ හේතුවෙන් වරින්වර විදුලිය ඇනහිටීම් ද සිදුවන බව වාර්තා වේ.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දැඩි උෂ්ණත්වයක් තායිලන්තයෙන් වාර්තා වී තිබේ.
ආසියාවේ රටවල් රැසක මේ වන විට දැඩි උෂ්ණත්වයක් පවතින අතර බංග්ලාදේශය ඉන්දියාව වැනි රටවල අධික විදුලි පරිභෝජනය හේතුවෙන් විදුලිය ඇනහිටීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.
262 Views
Comments