APR
16
ඇලබාමා හි වෙඩි තැබීමකින් සිවු දෙනෙක් මරුට

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරසිටී.
උපන් දින සාදයක් අතරතුර සිදු වී ඇති මෙම වෙඩිතැබීමෙන් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම වසර තුළදී මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩිතැබීම් 140 ක් පමණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය විසින් එරට සංඛ්‍යාලේඛණ උපුටා දක්වමින් කියා සිටී.
217 Views
Comments