පන්ජාබයේ ගිනි ඇවිලවූ අම්රිට්පාල් සිං අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

පන්ජාබයේ ගිනි ඇවිලවූ අම්රිට්පාල් සිං අත්අඩංගුවට

පන්ජාබයේ ගිනි ඇවිලවූ අම්රිට්පාල් සිං අත්අඩංගුවට

සීක් ජාතිකයන් උදෙසා වෙනම රාජ්‍යයක් බිහි කර දෙන බවට දේශන පවත්වමින්, ආයුධ සන්නද්ධ ආධාරකරුවන් පිරිවරාගෙන සන්නද්ධ අරගලයකට මුල පුරමින් සිටි අම්රිට්පාල් සිං අද උදෑසන පන්ජාබයේ මොගා දිස්ත්‍රික්කයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

29 හැවිරිදි අම්රිට්පාල් සිං මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද උදෑසන පොලිසියට භාර වීමෙන් අනතුරුව බව සඳහන් වේ.

 

ඒ සමගම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තා වලට හසු නොවී සාමය හා නීතිය කඩ නොවන අයුරින් සංසුන්ව දෛනික කටයුතු වල නිරත වන ලෙසද පන්ජාබ් පොලිසිය සියලුම සීක් ජාතිකයන් ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද සඳහන් වේ.

 

පසුගිය මාර්තු 18 වනදා පකිස්ථාන ඒජන්තවරයෙකු සහ ත්‍රස්ත අනුගාමිකයකු වශයෙන් ඉන්දීය රජය විසින් හඳුන්වන අම්රිට්පාල් සිං අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබිණු අතර ඔහු මේ දක්වා පොලිසිය මගහරිමින් සැඟව සිට ඇත.

 

ඇසෑම් ප්‍රාන්තයේ අධිආරක්ෂිත බන්ධනාගාරයකට රැගෙන යාමට නියමිත අම්රිට්පාල් සිංට එරෙහිව ඉන්දීය ජාතික ආරක්ෂක පනත යටතේ නඩු පැවරෙණු ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

views

301 Views

Comments

arrow-up