කුසගින්නෙන් මියගිය 21කගේ සිරුරු රහසේ වළදැමූ කෙන්යාවේ ඛේදවාචකය

කෙන්යානු පොලිසිය විසින් කුසගින්නෙන් මියගිය පුද්ගලයන් 21 දෙනෙකු වළ දමා තිබියදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙලෙස මිය ගිය පිරිස් අතර ළමයින්ද සිටින අතර, කෙන්යාවේ ෂකහොලා වනාන්තරයේ නොගැඹුරු සොහොන් වල වළ දමා ඇති තවත් 58 කගේ පමණ සිරුරු ගොඩ ගැනීමට නියමිත බව වාර්තා වේ.
කුසගින්නේ පසුවීමෙන් යේසුස් වහන්සේ වෙත යාමට හැකි වන බවට දේවගැතිවරයකු ලබාදුන් උපදෙස් පිළිපැදීම හේතුවෙන් මෙම පිරිස මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ ඔහු විසින් ගම් තුනක් නාසරෙත්, බෙත්ලෙහෙම්, සහ ජුදා ලෙස නම් කර, එහි අනුගාමිකයන් පොකුණුවල බෞතීස්ම කර, නිරාහාරව සිටීමට උපදෙස් ලබා දී තිබූ බවයි.
මේ වන විට එම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ සිටි තවත් පුද්ගලයන් 15 දෙනෙකු ද බේරා ගෙන ඇති බව වාර්තා වේ.
244 Views
Comments