රටවැසියන් රට හැරයාමේ සුදානමක

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ස්වෙච්ඡා හමුදා බලඇණියක් කැඳවන බවට ප්‍රකාශ කිරීමත් සමඟ එරට ජනතාව රට හැරයාමේ තත්වයක් මතුව තිබේ.
මේ වන විට රුසියානු දේශසීමා ආසන්නයේ දිගු පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේනය සමඟ පවතින යුද්ධයට මුහුණදීම සඳහා හමුදා අත්දැකීම් සහිත ස්වෙච්ඡා භටයින් ලක්ෂ තුනක් නැවත සේවයට කැඳවන බව රුසියානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
මේ සමඟම වීසා බලපත්‍රයක් නොමැතිව ජෝර්ජියාවට ඇතුළු විය හැකි දේශසීමාව අසල සැතපුම් ගණන් දිග රථවාහන පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් රුසියානුවන් භාරගැනීමට කැමැත්ත පළ කළ ද ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියා සහ චෙක් ජනරජය දැඩිව ප්‍රකාශ කර ඇත්තේ රුසියානුවන්ට රැකවරණය දීමට සූදානම් නොමැති බවය.
268 Views
Comments