SEP
16
රැජිණගේ අවමගුලට ගුවන් යානා නවතී

දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවය පැවැත්වෙන සදුදා දිනයේ ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපලේ ගුවන් යානා මෙහෙයුම් විනාඩි 30කට සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.
රාජකීය අවමගුල පැවැත්වෙන කාලය තුළ ගුවන් යානා මගින් නැගෙන අනවශ්‍ය ශබ්දය වැලැක්වීම මෙහි අරමුණයි.
ඒ අනුව සදුදා දිනයේ උදෑසන 11.40 සිට පස්වරු 12.10 දක්වා කාලය තුළ ගුවන් යානා මෙහෙයුම් මෙසේ අක්‍රිය කර තිබෙනවා.
264 Views
Comments