SEP
16
ප්‍රංශයේ ගුවන් ගමන් පාලකවරුන් වර්ජනයක

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ප්‍රංශයේ ගුවන් ගමන් පාලකවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද(16) දිනය සඳහා සැලසුම් කර තිබූ ප්‍රංශ ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත්තේ සියයට 45ක් වන අතර රයන් එයාර් ගුවන් සේවයේ යානා හාරසිය විස්සක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානා 22ක්, ස්විට්සර්ලන්ත ගුවන් සේවයක් වන ඊසී ජෙට් ගුවන් සේවයේ යානා 76ක් ද මෙලෙස අවලංගු කර තිබෙනවා.
234 Views
Comments