සෑම මිනිත්තු දෙකකට වරක් ගර්භණී කාන්තාවක් මිය යන බවට අනාවරණයක්

ගර්භණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී සෑම මිනිත්තු දෙකකට වරක් එක් කාන්තාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරයි.
මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කිරීමට කටයුතු කර ඇත්තේ ලෝකයේ රටවල් ස්වල්පයක් බව නවතම දත්ත මඟින් පෙන්නුම් කරයි. කෙසේ නමුත් 2000 සිට 2015 දක්වා කාලය තුළ මාතෘ මරණ අවම කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති වුවද, එය 2016 සිට 2020 දක්වා වූ වසර පහ තුළ ඇණහිට තිබේ.
යුරෝපය, උතුරු ඇමරිකාව සහ ලතින් ඇමරිකාව, කැරිබියන් දූපත් වල මාතෘ මරණ වල අගය සටහන් වන්නේ සියයට 17ක් සහ 15ක් ලෙසයි.
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මාතෘ මරණ අනුපාතය සියයට 35 කින් පහත වැටී ඇති අතර දකුණු ආසියාවේ එය සියයට 16 කින් පහත වැටී තිබේ.
155 Views
Comments