පාකිස්ථානයේ පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක්

පාකිස්ථානයේ කරච්චි නුවර පොලිස් මූලස්ථානය වෙත ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර ප්‍රහාරකයන් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක් ද සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
කරච්චි නුවර පිහිටි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට ප්‍රහාරකයන් 10කට ආසන්න පිරිසක් ඇතුළු වී ඇති බව වාර්තා වේ.
ඔවුන් විසින් ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමඟ වෙඩි හුවමාරුවක් ආරම්භ වී තිබේ.
මේ වන විට ප්‍රහාරකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව ද ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන විට පොලිස් මූලස්ථානය අවට ආරක්ෂාව තහවුරු කර ඇති බව ද වාර්තා වේ.
171 Views
Comments