ඛේදවාචකයේ සුසුම් මැද මංකොල්ලකෑම්

තුර්කි භූ කම්පනයේ මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි කිහිපයක් ද සොයාගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළේ, මුදා ගැනීම් අතරතුර නීති කඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කිරීම සඳහා හදිසි බලතල භාවිත කරන බවයි.
මුදා ගැනීමේ මෙහෙයුමවලට බාධා එල්ල වී ඇති අතර එයට හේතු වූයේ ආපදාවට ලක් වූ ප්‍රදේශවල පවතින නොසන්සුන්තාව සහ ආහාර සැපයුම පහළ යාම නිසාවෙනි.
භූ කම්පනයෙන් 28,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.
සුන්බුන් අතර දින කිහිපයක් සිර වී සිට මුදාගත් පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු වාර්තා වී තිබේ.
තුවාල ලැබූ සංඛ්‍යාව 80,000 කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
234 Views
Comments