FEB
17
නවීකරණය කළ මිසයිල යොදාගෙන යුක්රේනයට පහර දෙන රුසියාව

නවීකරණය කරන ලද දශක හයක් පමණ පැරණි මිසයිල යොදා ගනිමින් යුක්රේනයේ නිප්රෝපෙට්‍රොවික් ප්‍රදේශයේ සිවිල් වැසියන් ද ඉලක්ක කරමින් රුසියානු හමුදා මිසයිල ප්‍රහාර එල්ල කිරීම දැඩි කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නවීකරණය කරන ලද මිසයිල ප්‍රහාර වැලැක්වීම සඳහා තම ප්‍රතිප්‍රහාර සුදුසු මට්ටමක නොමැති බව යුක්රේනය සඳහන් කර සිටී.
මේ අතර එළඹෙන අප්‍රේල් මාසය වන විට නිප්රෝපෙට්‍රොවික් නගරය මුළුමනින්ම අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි මැග්නර් ලෙස හඳුන්වන රුසියානු කුලී හේවායන්ගේ නායකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
180 Views
Comments