රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනයේ නැගෙනහිර ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල  කළ අධි බැලැති මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන හමුදා භටයින් 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව රුසියාව පවසයි.

 

යුක්‍රේන හමුදා නවාතැන් ගන්නා ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් සෙබළුන් 300කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ප්‍රහාරය එල්ල කරන අවස්ථවේ රුසියානු සෙබළුන් 1,300ක් පමණ එම ගොඩනැගිලිවල සිට ඇති බව සඳහන්ය.

 

යුක්‍රේන හමුදා විසින් පසුගිය දා මැකිව්කා හිදී රුසියානු හමුදා වෙත එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව රුසියානු ආරක්ෂක හමුදා ප්‍රකාශ කර තිබේ.

 

කෙසේවුවද සිය සෙබළුන් 600 දෙනෙකු පමණ රුසියාවේ මිසයිල ප්‍රහාරයකින් මියගිය බවට පළ වන වාර්තා අසත්‍ය බව යුක්‍රේන හමුදා ප්‍රකාශ කර ඇත.

views

232 Views

Comments

arrow-up