උඩු ගුවනේදී එකිනෙක ගැටුණු හෙලිකොප්ටර් යානා

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේදී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් සිව්දෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවය.
ගෝල්ඩ් කෝස්ට් හි ප්‍රධාන වෙරළ ආසන්නයේ පිහිටි වැලි තලාවක් මතට එම යානාවල සුන්බුන් වැටී ඇති අතර අද (02) දහවල් දෙකට පමණ එම අනතුර සිදුවී තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ යානා දෙකෙහි 13දෙනෙක් පමණ ගමන් කර ඇති අතර ඉන් 4දෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවත් 6දෙනෙක් ට සුළු තුවාල සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.
219 Views
Comments