අමිතාබ් බච්චන්ගේ නම, ජායාරූප හා කටහඬ අනවසරෙන් භාවිතා කළ නොහැක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

අමිතාබ් බච්චන්ගේ නම, ජායාරූප හා කටහඬ අනවසරෙන් භාවිතා කළ නොහැක

අමිතාබ් බච්චන්ගේ නම, ජායාරූප හා කටහඬ අනවසරෙන් භාවිතා කළ නොහැක

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ නම, ඡායාරූප සහ හඬ අවසරයකින් තොරව භාවිතා කළ නොහැකි බවට දිල්ලි මහාධිකරණය නියෝග කර තිබේ.

 

දිල්ලි මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබුණේ තම රූපය, කටහඬ මෙන්ම තම පෞරුෂත්වය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් අමිතාබ් බච්චන් ගොනු කළ නඩුවකට අනුවයි.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අමිතාබ් බච්චන්ගේ ඡායාරූප විවිධ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ඔහුගේ අනුදැනුමකින් තොරව යොදා ගැනීම වැළැක්වීමේ අරමුණින් ඔහු මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.

 

 

views

217 Views

Comments

arrow-up