AUG
07
ගුවන ආක්‍රමණය කළ යානා වලට තායිවානයෙන් අනතුරු ඇඟවීම්

තායිවාන ඉහළ අහසේ ගමන් කරමින් තිබූ ඩ්‍රෝන යානා සහ ගුවන් යානාවකට එරට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා.
කින්මෙන් දූපත ඉහළින් ගමන් කරමින් තිබූ ඩ්‍රෝන යානා හතකට සහ මත්සු දූපත ඉහළින් ගමන් කරමින් තිබූ ගුවන් යානයකට මෙලෙස අනතුරු සංඥා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඇමරිකානු කතානායිකාවගේ තායිවාන සංචාරයෙන් පසුව චීනය ආරම්භ කළ යුද අභ්‍යාසය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද තායිවාන ආරක්ෂක අංශ අවධාරණය කර සිටියා.
239 Views
Comments