AUG
01
යුක්‍රේනයේ වීරයා රුසියානු ප්‍රහාරයකින් මරුට

ඊයේ (31) රාත්‍රියේ යුක්‍රේනයේ මයිකොලයිව් වෙත රුසියාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරික ඔලෙක්සි වොඩර්ටර්ස්කි සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇත.
74 හැවිරිදි වියේ පසු වූ ඔලෙක්සි විසින් යුක්‍රේන රජයෙන් ධනවත් ව්‍යාපාරිකයන්ට පිරිනමන “Hero of Ukraine” සම්මානය ද දිනා ඇත.
යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටියේ මෙවන් ව්‍යාපාරිකයෙකු ඝාතනය වීම දැඩි සංවේගයට හේතුවක් බවත්, එය යුක්‍රේන ආර්ථිකයට විශාල අඩුපාඩුවක් බවත් ය.
283 Views
Comments