ඉන්දියාවේ පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ඉන්දියාවේ පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වෙයි

ඉන්දියාවේ පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබේ. 

 

එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙකි. 

 

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් 22 වනදා ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වේ. 

 

අනතුරුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 27 වනදා ඔහු රෝහල්ගතව තිබුණි. එහිදී සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිව ඇත්තේ ඔහු මන්කි පොක්ස් ආසාදිතයෙකු බවයි. 

 

කෙසේවෙතත් අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවලදී අනාවරණ වී ඇත්තේ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී ඉකුත් 19 වනදා සිදුකළ පරීක්‍ෂණයකදී ද මන්කි පොක්ස්  ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බවයි. 

 

එවැනි අවදානම් තත්ත්වයක පසුවද්දී ඔහු ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. 

 

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ. 

views

276 Views

Comments

arrow-up