JUL
25
ඉන්දියාවේ නව ජනපති දිවුරුම් දෙයි

ඉන්දියාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ දෞපදී මුර්මු අද(25) පෙරවරු 10.15ට දිවුරුම් දීමට නියමිතයි.
ඉන් අනතුරුව ජනපතිනියට ආචාර වෙඩිමුර විසි එකක් පිරිනැමීමටද සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
64 හැවිරිදි ඇය ඉන්දීය ඉතිහාසයේ ගෝත්‍රික සමාජය නියෝජනය කරන පළමු ජනාධිපතිවරයා වන අතර ඉන්දීය ජනාධිපති ධූරයට පත් දෙවන කාන්තාවයි.
පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී විපක්ෂ අපේක්ෂක යශ්වාන්ත් සිංහා පරාජයට පත් කරමින් ඇය මෙම තනතුරට තේරී පත් වුණා.
300 Views
Comments