රුසියාව ත්‍රස්ත රාජ්‍යයක් ! යුක්‍රේනය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

රුසියාව ත්‍රස්ත රාජ්‍යයක් ! යුක්‍රේනය කියයි

රුසියාව ත්‍රස්ත රාජ්‍යයක් ! යුක්‍රේනය කියයි

ඊයේ (30) යුක්‍රේනයට යටත්, බෙදුම්වාදී ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව විසින් පාලනය කරන ඔලනිව්කා සිර කඳවුර වෙත ප්‍රහාරයක් එල්ල වූ අතර, එයින් රැඳවියන් 50කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්විය.

 

රුසියාව මෙම ප්‍රහාරයේ වගකීම භාර නොගත්තද, මේ පිලිබඳව යුක්‍රේන රජය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

 

යුක්‍රේන රජයට අනුව රුසියාව විසින් ඝාතනය කරන රැඳවියන්ගේ සාක්ෂි  මැකීමට මෙම අපරාධය කර ඇත. යුක්‍රේන ජනපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි නිවේදනය කර සිටියේ රුසියාව යනු ත්‍රස්ත රාජ්‍යයක් බවයි.

 

මේ වනවිට රුසියාව විසින් අඛණ්ඩව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන අතර, ඊට නොදෙවෙනි ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේන හමුදාව යොමු වී සිටියි.  

views

300 Views

Comments

arrow-up