මියන්මාර මිලිටරි ජුන්ටාව හදිසි නීතිය දීර්ඝ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

මියන්මාර මිලිටරි ජුන්ටාව හදිසි නීතිය දීර්ඝ කරයි

මියන්මාර මිලිටරි ජුන්ටාව හදිසි නීතිය දීර්ඝ කරයි

මියන්මාරයේ හමුදා පාලනය විසින් 2023 වසර දක්වා එරට හදිසි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර මියන්මාරයේ ප්‍රථම වරට හදිසි නීතිය දීර්ඝ කළේ පසුගිය අගෝස්තු මාසයේදී ජෙනරාල් මින් අවුංගේ පාලන තන්ත්‍රය විසින් වන අතර එම නියෝගයෙන් ලබාදුන් බලතල යටතේ ඔහු තමාව අගමැති ලෙසද පත් කර ගනු ලැබුවා.

ජෙනරාල් මිංග් අවුංගේ මිලිටරි ජුන්ටාව පසුගිය වසරේ එරට බලය අල්ලාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් ජය ගනිමින් පත් වූ අවුන්සාන් සුකි ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ප්‍රමුඛ රජය පෙරලා දැමීමෙන් පසුවයි.

මේ අනුව හදිසි නීතිය දීර්ඝ කරමින් ජනරාල්වරයා කියා සිටියේ රට ස්ථාවර කිරීමට තවත් කාලයක් අවශ්‍ය බවයි.

views

247 Views

Comments

arrow-up