APR
29
ආහාර, ජලය සහ විදුලිය නොමැතිව සුඩාන ජනතාව අර්බුදයක

සටන් විරාමය තවත් පැය 72 ක් දක්වා දිගු කළද සුඩානයේ නගර රැසක තවමත් ගුවන් ප්‍රහාර එල්ල වීම් සහ කාලතුවක්කු හඬ ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මේ වනවිට සුඩාන ජනතාව අතර ආහාර, ජලය, විදුලිබලය මෙන්ම ඉන්ධන නොමැති වීමෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර අන්තර්ජාල සබඳතා ද බිඳ වැටී තිබේ.
මෙලෙස සන්නිවේදන කටයුතු අඩාල වීමෙන් එරට සිටින විදේශිකයන් මුදාගැනීමේ කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇත.
340 Views
Comments