බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්

බ්‍රිතාන්‍ය රජය එරට නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ඔලිවර් ඩව්ඩන් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩොමිනික් රාබ් එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එලෙස නව පත්වීමක් සිදුව ඇත.
ඩොමිනික් රාබ් සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ සිය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට හිරිහැර කළ බවට එල්ල වූ චෝදනා වලට අදාල වාර්තාවක් නිකුත් වීමෙන් අනතුරුවයි.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ඔලිවර් ඩව්ඩන්, මීට පෙර අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ රජයේ කැබිනට් කාර්යාල ඇමතිවරයකු මෙන්ම කන්සර්වේටිව් පක්ෂයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
219 Views
Comments