ජපානයෙන් උතුරු කොරියාවට මිසයිල ප්‍රහාරයක්

උතුරු කොරියාව විසින් දියත් කිරීමට නියමිත ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව අවශ්‍ය නම් මිසයිල ප්‍රහාර එල්ල කර විනාශ කිරීමට තමන්ට හැකියාව පවතින බව ජපානය පවසා සිටී.
ඒ සදහා සූදානමින් සිටින ලෙස ජපාන ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා එරට හමුදාවට අණ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඇමෙරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් එල්ල වන තර්ජන වලින් ආරක්ෂා වීමට මෙලෙස සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට පියවර ගන්නා බව උතුරු කොරියාව පසුගිය බදාදා නිවේදනය කර තිබූ බව සදහන් වේ.
එය මේ වන විට අවසන් අදියරේ පවතින බව ද උතුරු කොරියානු රජය සඳහන් කර සිටී.
242 Views
Comments