පැරිසියේ සිනෙගෝගයට බෝම්බ තැබූ මහාචාර්යවරයා වසර 42කට පසු සිරගෙට

1980 ඔක්තෝම්බර් මස 03 වනදා පැරිසියේදී මාරාන්තික බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකුට වසර 42 කට පසුව දඬුවම් නියම වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
පලස්තීන සම්භවයක් ඇති ලෙබනන් ජාතිකයෙක් වන හසන් ඩයබ් නැමැති මෙම පුද්ගලයා 1993 දී කැනේඩියානු ජාතිකත්වය ලබා ඔටාවා හි සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වී ඇති බව වාර්තා වන අතර, මේ වන විට ඔහු 69 හැවිරිදි වියේ පසු වන බවද සඳහන් වේ.
පැරිසියේ සිනගෝගය ඉලක්ක කර ගනිමින් ඔහු විසින් එල්ල කළ බවට සැකකෙරෙන මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා තිබුණි.
ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස ඔහුව නම් කරනු ලැබුවේ, සිද්ධියෙන් වසර 20 කට පමණ පසු 1999 දී මතු වූ නව සාක්ෂි මත බවද පැවසෙන අතර, එයින් වසර අටකට පසු ප්‍රංශය විසින් ඔහුට එරෙහිව ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කොට ඇති බවද වාර්තා වේ.
චූදිත මහාචාර්යවරයා නඩු විභාගයට පැමිණ නොමැති අතර, විනිසුරුවරයා විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විවෘත තීන්දුවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී.
229 Views
Comments