උද්ධමනය හේතුවෙන් ඇමෙරිකාවත් අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

උද්ධමනය හේතුවෙන් ඇමෙරිකාවත් අර්බුදයක

උද්ධමනය හේතුවෙන් ඇමෙරිකාවත් අර්බුදයක

වසර 15කට ආසන්න කාලයකට පසු පළමුවරට වැඩිම අගයකින් සිය බැංකු පොළී අනුපාත ඉහළ නැංවීමට, ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව කටයුතු කර තිබෙනවා.

 

ඒ, ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින්.

අමෙරිකානු මහ බැංකුව මෙවර බැංකු පොළිය ඉහළ දමා ඇත්තේ සියයට බිංදුවයි දශම 7 කින්. ඉහළ යන උද්ධමනය පාලනය නොකළහොත් අහිතකර ප්‍රතිපළ ඇතිවිය හැකි බවට අමෙරිකානු ආර්ථික විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබූ පසුබිමකයි මෙලෙස සිය බැංකු පොළී අනුපාත ඉහළ නංවා ඇත්තේ.

 

අමෙරිකානු රජය පවසන්නේ ඉල්ලුම මන්දගාමී කිරීම, උද්ධමනයේ පීඩනය ලිහිල් කිරීම හා ආර්ථිකයේ දිගුකාලීන හානිය වළක්වා ගැනීම මෙහි අරමුණවූ බවයි. උද්ධමනය පාලනය කිරීමට වේදනා රහිත ක්‍රමවේදයක් තිබුණා නම් වඩා යෝග්‍ය නමුත් එවන් ක්‍රමවේදයක් නොමැති බව අමෙරිකානු රජයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. අමෙරිකාවේ මේ වන විට වාර්තා වන්නේ වසර 40 කට පසු එරට ඉහළම උද්ධමන අගයයි.

 

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව විශාල ආර්ථිකයන්ට හිමිකම් කියන ජපානය සහ චීනය ද උද්ධමනය සලකා බැංකු පොළී අනුපාත ඉහළ නංවා ඇති බවයි. බි්‍රතාන්‍යය ද අඛණ්ඩව 7 වන වරටත් බැංකු පොළී අනුපාතය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියාව සහ පිලිපීනය ද බැංකු පොළී අනුපාතය ඉහළ නැංවීමට සූදානම්වන තවත් රටවල් දෙකක්.

views

268 Views

Comments

arrow-up