චීන රුසියා ජනපතිවරුන් අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

චීන රුසියා ජනපතිවරුන් අතර හමුවක්

චීන රුසියා ජනපතිවරුන් අතර හමුවක්

රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් ඊයේ(15) පැවැත්වී තිබෙනවා.

ඒ මේ වන විට පැවැත්වෙන උස්බෙකිස්ථානයේ ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ රටවල සමුළුවේදී යි.

දෙරට අතර පවතින ගැටලු සහ ද්විපාර්ශික සබඳතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර යුක්‍රේනය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ බටහිර රටවල් රුසියාවට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් චීනය විසින් එහිදී විරෝධතාව පළ කර තිබෙනවා.

ඒ අනුව කුමන බලපෑමක් පැමිණියද තමා රුසියාව සමග එක්ව කටයුතු කරන බව ද චීන ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. 

views

240 Views

Comments

arrow-up