SEP
09
මොහෙන්ජොදාරෝ හරප්පා නටබුන් වලට වර්ෂාවෙන් හානි

ඉන්දු ගංගා නිම්නයේ පිහිටි මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරවලට අයත් සංරක්ෂිත භූමි ප්‍රදේශවලට අධික වර්ෂාව හේතුවෙන් හානි සිදුව තිබෙනවා.
අවුරුදු පන්දාහකට පමණ පෙර ඉදි කරන ලද මෙම නටබුන් පාකිස්තානයට බලපෑ දරුණු වර්ෂාපතනය හමුවේ මෙලෙස විනාශ වී ඇති බවයි.
ගංවතුරෙන් විපතට පත්වූවන් තාවකාලිකව රඳවා සිටියේ ද මෙම රක්ෂිත භූමි ප්‍රදේශයේ බවද විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කර සිටියා.
445 Views
Comments