ශ්‍රී ලංකාවට අරාබි තෙල් පිරිපහදුවක්?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

ශ්‍රී ලංකාවට අරාබි තෙල් පිරිපහදුවක්?

ශ්‍රී ලංකාවට අරාබි තෙල් පිරිපහදුවක්?

 

සෞදි අරාබිය සමඟ ද්වී පාර්ශවික සම්බන්දතා වර්ධනය කරගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා.

 

 

ඒ අනුව පරිසර, අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස ඉරිදා රියාද් නුවර වෙත ගොස් තිබුණු අතර එහිදී ඔහු සෞදි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Waleed Al-Khuraiji සහ Sultan Al-Marshad ඇතුළු රාජධානියේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

 

 

එහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ සෞදි අරාබිය සමඟ බලශක්ති සහයෝගීතාව ඉහළ නැංවීමට රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන බවයි. ඒ අනුව දකුණු ආසියානු ජාතිය තුළ පිරිපහදුවක් පිහිටුවීමට ඔහු සෞදි රාජ්‍යයට ආරාධනා කර තිබෙනවා.

views

218 Views

Comments

arrow-up