උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ල කිරීමට නීතිය බලගන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ල කිරීමට නීතිය බලගන්වයි

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ල කිරීමට නීතිය බලගන්වයි

තමන් න්‍යෂ්ටික බලය සහිත රටක් බව උතුරු කොරියාව නිවේදනය කරයි.

 

මේ සම්බන්ධයෙන් එරට නව නීතියක් සම්මත කර ඇති බව එරට නිල පුවත් සේවය වන KCNA වාර්තා කරයි.

 

එම නීතිය නැවත ආපස්සට හැරවිය නොහැකි බවත් න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ හැකියාව නොමැති බව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් පවසයි.

 

උතුරු කොරියාවේ ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ද නව නීති මගින් බලගන්වා තිබේ.

 

උතුරු කොරියාව 2006ත් 2017ත් අතර කාලය තුළ දී න්‍යෂ්ටික අත්හදා බැලීම් 06ක් සිදුකළේ දැඩි සම්බාධක පනවා තිබූ පසුබිමකයි.

 

views

265 Views

Comments

arrow-up