සෞදි රජුට එරෙහිව ට්විටර් පණිවිඩයක් තැබු කාන්තාවකට ලැබුණු හිතාගන්න බැරි දඬුවම

සෞදි අරාබියේ සල්මාන් රජුට සහ ඔටුන්න හිම් මොහාමඩි බින් සල්මාන් කුමරුට එරෙහිව ට්විටර් පණිවුඩයක් තැබූ කාන්තාවකට වසර 45ක සිරදඩුවමක් පැනවීමට එරට බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
ඇගේ මෙම පණිවුඩය හරහා ඉස්ලාම් ආගම සහ සෞදි අධිකරණාය අභියෝගයට ලක් කෙරෙන බව පවසමින් එම තීරණය ලබාදී ඇත.
මෙම කාත්තාව වයස අවුරුදු 40ත් 50ත් අතර පසුවන දරුවන් පස්දෙනෙකුගේ මවක් ලෙස හඳුනාගෙන තිබේ.
Nourah al-Qahtani නම් ඇය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම පණිවුඩය ප්‍රසිද්ධ කර ඇති අතර, අනතු-රුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.
ඇය අසත්‍ය සහ වැරදි පණිවුඩයක් ප්‍රසිද්ධ කර ඇතැයි අධිකරණය පවසා සිටියි.
මේ වසරේ පෙබරවාරී මාසයේදී අධිකරණය ඇයට අවුරුදු හයහමාරක සිරදඩුවමක් නියම කර තිබුණි.
291 Views
Comments