ලෝකයම කැළඹූ ටැන්සානියානු ස්ත්‍රී දූෂකයා දකුණු අප්‍රිකාවේදී යළි කොටු වෙයි

බන්ධනාගාර කුටියක් තුළදී ගිනි තබා ගෙන සියදිවි නසාගත් බවට සැක කළ ස්ත්‍රී දූෂක ඝාතකයෙක් වෙනත් රටකට පැනගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් සමත් වී ඇත.
ටැන්සානියාවේදී අත්අඩංගුවට ගෙන ඇති තාබෝ බෙස්ටර් නම් එම සැකකරු ප්‍රකට වී ඇත්තේ "ෆේස්බුක් ස්ත්‍රී දූෂකයා" ලෙසින්ය.
මෙම පුද්ගලයා ෆේස්බුක් ඔස්සේ කාන්තාවන් රවටා ඔවුන් සමග මිත්‍රවී ඔවුන්ව දූෂණය කර ඇති බවටත් ඉන් කිහිපදෙනෙක් මරා දමා ඇති බවටත් චෝදනා එල්ල වූ අයෙකි.
වසරක පමණ කාලයක් තිස්සේ නිදැල්ලේ සිට ඇති එම පුද්ගලයා පසුගිය සිකුරාදා ඔහුගේ පෙම්වතිය සහ තවත් අයෙකු සමග සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
එහිදී ඔවුන්ව දකුණු අප්‍රිකාවට පිටුවහල් කර ඇති අතර ටැන්සානියානු පොලිසිය පැවසුවේ ඔවුන් තිදෙනා අසල්වැසි කෙන්යාවට පළා යාමට අදහස් කර තිබුන බවයි.
220 Views
Comments