පොලිසියටත් බය නැති හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වීරයා අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

පොලිසියටත් බය නැති හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වීරයා අධිකරණයට

පොලිසියටත් බය නැති හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වීරයා අධිකරණයට

ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙක් ලෙස සැලකෙන මයිකල් ස්ලේටර් ට එරෙහිව පොලිසියට පහරදුන්  බවට චෝදනා එල්ල වී තිබේ. ක්වීන්ස්ලන්තයේ පිහිටි ජනප්‍රිය නිවාඩු නිකේතන සහිත නගරයකදී ඔහු පොලිස් නිලධාරීන්ට පහරදුන් බවට වාර්තා පළ වී තිබේ.

 

පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවේ, පසුගිය සිකුරාදා වාර්තා වූ එම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුවූ බවයි. නූසා නම් ප්‍රදේශයේ සිදුවූ බව පැවසෙන ගෘහස්ත පහරදීමක් පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් හා ස්ලේටර් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 53 හැවිරිදි ස්ලේටර් මැයි 2 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

261 Views

Comments

arrow-up