JUL
18
යුරෝපයේ ලැව්ගිනි තත්වයක්

යුරෝපයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් රටවල් රැසක උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ප්‍රංශය, ග්‍රීසිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤ යන රටවල හෙක්ටයාර ගණන් මේ හේතුවෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම එම ප්‍රදේශවල ජනතාව ඉවත් කර ඇති අතර දේශගුණ විපර්යාස මෙම ලැව්ගිනි ඇතිවීමට හේතුවී ඇති අතර මේවා පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම තත්වය හමුවේ බ්‍රිතාන්‍ය උෂ්ණත්වය ද පසුගිය දිනවලදී සෙල්සියස් අංශක 40 ඉක්මවා වාර්තා වූ අතර ඇතැම් රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
238 Views
Comments