ලොවම සෙලවේ

ලොවපුරා ස්ථාන 32 ක පසුගිය පැය 24 තුළ භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබේ. එම භූ කම්පන මැග්නිටියුඩ් ඒකක 2.5 ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් ඒවා බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කළේය. වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය පිලිපීනයෙන් වාර්තා වන අතර එය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් වේ.
ඉන් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත. නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා, බොලීවියා, ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 5 ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන වාර්තා වන්නේය. පසුගිය පැය 24 තුළ තුර්කියෙන් ද මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා විය.
164 Views
Comments