AUG
07
කියුබාවේ ඉන්ධන ගබඩාවක ගින්නක්

කියුබාවේ මටන්සාස් නගරයේ ඉන්ධන ගබඩාවක ගින්නක් ඇති වී තිබේ.
ගින්නෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් 121 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ අතර ගින්න මැඩපැවැත්වීමට ගිය ගිනි නිවන භටයින් 17 දෙනෙක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ධන සංකීර්ණයේ ගින්න අකුණුසැර වැදීමකින් ආරම්භ වී තිබෙන අතර පාලනයකින් තොරව පැතිරයාමත් සමඟ පිපිරීම් කිහිපයක් ද සිදු ව ඇති බව වාර්තා වේ.
මෙම ගින්නෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශය ආසන්නයේ පදිංචි 2,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කියුබානු බලධාරීන් පියවර ගෙන ඇත.
246 Views
Comments