පකිස්ථානයේ උද්ධමනය තවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

පකිස්ථානයේ උද්ධමනය තවත් ඉහළට

 පකිස්ථානයේ උද්ධමනය තවත් ඉහළට

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන බලාපොරොත්තුවෙන් පසුවන පකිස්ථානය ණය කොන්දේසි සපුරාලීමට විවිධ භාණ්ඩ හා සේවා සඳහා බදු අනුපාතය වැඩි කිරීමෙන් පසු වසරකට පකිස්ථාන රුපියල් බිලියන 200 ක් ඉතිරි කර ගැනීමට මැතිඇමැතිවරුන්ගේ පහසුකම් සහ වැටුප් කප්පාදු කිරීමට තීරණය කර ඇති බවයි.

 

රට වැටී ඇති දරුණු ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනීමේ මෙහෙයුමේ කොටස්කරුවන් වන ලෙස පකිස්ථාන  රජය සියළු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව මින් ඉදිරියට සියලු ගුවන් ගමන්වලදී සාමාන්‍ය පන්තිය භාවිත කරන ලෙසත්, සුඛෝපභෝගී මෝටර් රථ පරිහරණයෙන් වළකින ලෙසත් පාකිස්ථාන අගමැතිවරයා ඉල්ලා ඇත. ඊට අමතරව මැති ඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදු කිරීමට ද තීරණය කර ඇත.

views

201 Views

Comments

arrow-up