භූ කම්පනයෙන් අතුරුදන් වූ ක්‍රිස්ටියන් අට්සු ගේ මළසිරුර හමු වේ

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමි කම්පාවට පසුව අතුරුදන්ව සිටි ඝානා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු ගේ මළ සිරුර හමුවී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
භූ කම්පනයේ සුන්බුන් අතරින් ක්‍රිස්ටියන් මුදා ගෙන රෝහල් ගත කළ බව මීට දින කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළ ද පසුව අනාවරණය වූයේ එලෙස මුදා ගෙන රෝහල් ගත කර ඇත්තේ ඔහුට සමාන පෙනුමක් සහිත වෙනත් පුද්ගලයෙකු බවයි.
භූ කම්පනය සිදුවී සති දෙකකට පසු ක්‍රිස්ටියන් ගේ මළ සිරුර මෙලෙස සොයා ගත් අතර ඔහුගේ නියෝජිතයා සඳහන් කළේ ක්‍රිස්ටියන් ගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට තම බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.
180 Views
Comments