චීන ගණිකාවන් 25 ක් බෙල්ජියමේදී කොටු වෙති

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජාත්‍යන්තර ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරමින් බෙල්ජියමේ රැඳී සිටි චීන ගණිකාවන් යැයි සැක කෙරෙන කාන්තාවන් 25 දෙනකු බෙල්ජියමේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය. වැඩිදුරටත් වාර්තා වන්නේ, බෙල්ජියමේ නගර කිහිපයක ලිපිනයන් සෝදිසි කිරීමෙන් පසු මේ ගණිකාවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බෙල්ජියමේ පොලිසිය නිවේදනය කර ඇති බවයි.
අත්අඩංගුවට පත් වූ සියලුම කාන්තාවන් චීන ජාතිකයන් බවද වාර්තා වේ. නඩු පවරන්නන් පවසන්නේ, චීන ලිංගික ශ්‍රමිකයන් ජාවාරම් කරන බව කියන ජාත්‍යන්තර වළල්ලක් ඉලක්ක කරගත් වැටලීම්වලදී බෙල්ජියම් පොලිසිය සැකකරුවන් 25 දෙනකු අඟහරුවාදා අත්අඩංගුවට ගත් බව යි.
211 Views
Comments