FEB
18
කෙන්යාවේ තේ ලෝකයේ පළමු තැනට

ජාත්‍යන්තර තේ කමිටු (ITC) දත්ත වාර්තා මගින් අනාවරණය වී තිබෙන්නේ, ලොව ප්‍රමුඛතම තේ අපනයන රටවල් අතුරින් පළමු තැන කෙන්යාවට හිමි වී ඇති බවයි. වැඩිදුරටත් වාර්තා වන්නේ, කෙන්යාවේ නිපදවනු ලබන අනෙකුත් තේ වර්ග අතර සුඛෝපභෝගී කළු තේ නිෂ්පාදනය අඛණ්ඩව පළමු ස්ථානයේ රැඳී සිටින බව යි.
2021 ජාත්‍යන්තර තේ කමිටු දත්ත වාර්තාවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2021 වසරේදී කෙන්යාව තේ කිලෝග්‍රෑම් මිලියන 558 ක වාර්ෂික අපනයනයක් සිදු කර ඇත. දෙවැනි තැන චීනයට හිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය ලැබී තිබේ.
200 Views
Comments