අතහැර දමා තිබුණු බල්ගේරියානු ට්‍රක් රථයේ මළසිරුරු දහ අටක්

නීති විරෝධී ලෙස සංක්‍රමණිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන, බල්ගේරියාවේ අතහැර දමා ගිය ට්‍රක් රථයක් තුළ තිබී කුඩා දරුවෙකුගේ ඇතුළු පුද්ගලයන් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම රථයේ සිටි තවත් ළමුන් පස්දෙනෙකු ඇතුලු 34 දෙනකු කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඇතැමුන් ගේ තත්ත්වය බරපතල බව බල්ගේරියා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
රථයේ සිටි පිරිස දැඩි සීතලෙන් පීඩා විඳිමින් සිට ඇති අතර, දින කිහිපයකින් ආහාර නොගත් බවද වාර්තා වේ.
මෙම සිදුවීමට අදාළව බල්ගේරියානු පොලිසිය සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට රජය පවසයි.
170 Views
Comments