මිනිස් අස්ථියකින් තැනූ ඉපැරණි පනාවක් එංගලන්තයෙන් හමු වෙයි

එංගලන්තයේ කේම්බ්‍රිඡ් සිට සැතපුම් හතරක් වයඹ දෙසින් පිහිටි බාර්ගිල් නම් ප්‍රදේශයෙහි තිබී මිනිස් හිස් කබලකින් නිර්මාණය කරන ලද කැටයම් කල පනාවක් සොයා ගැනීමට ලන්ඩන් පුරාවිද්‍යා කෞතුකාගාරයේ විද්‍යාඥයින් සමත් වී තිබේ.
පුරාවිද්‍යාඥයන් කියා සිටින්නේ මෙය ඇදහිය නොහැකි තරම් දුර්ලභ සොයාගැනීමක් වන අතර, බ්‍රිතාන්‍යයේ යකඩ යුගය ලෙස හඳුන්වනු ලබන කිස්තු පූර්ව 756 සිට ක්‍රිස්තු වර්ෂ 43 අතර කාලයේ භාවිතා කළ එකක් වන බවයි.
එම කාලයේ බ්‍රිතාන්‍යයේ ජීවත්වූ මිනිසුන් සත්ව හම් පිරිසිදු කිරීම් ඇතුළු විවිධ කාර්යයන් සඳහා මෙවලම් සාදා ගැනීමට මිනිස් අත් සහ පාද වල අස්ථි භාවිත කොට ඇති බව ලන්ඩන් කෞතුකාගාරයේ පුරාවිද්‍යාඥයින් ප්‍රකාශ කර සිටී.
194 Views
Comments